• Mon - Fri 9.00 : 17.00
  • +94 0112929181
Hairy Logo Hairy Logo
  • home
  • About Us
  • Services
  • Gallery
  • Contact Us
  • සිංහල

හර්ෂ ටේලර්ස් වෙබ්අඩවියට අප ඔබව සාදරයෙන් පිළිගනිමු!

ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් හා ප්‍රමිතියකින් යුතුව , ඔබේ මිම්මට හා හැඩයට ගැලපෙන ලෙස ඇදුම් මසා නිමකරදීම, අපගේ ඒකායන අරමුණයි. වසර 30කට අධික කාලයක සිට මෙම දැවැන්ත මෙහෙවරේ අප යෙදිසිටින්නේ හුදු වෘත්තීයකට වඩා ආත්ම තෘප්තියද මුල්කරගෙනය . පාසල් නිල ඇදුමේ සිට ආයතනික නිල ඇදුම් හා උත්සව ඇදුම් දක්වාම අපගේ මැහුම් පරාසය ව්‍යාප්තව ඇත. තවද මේවන විට පෞද්ගලික හා රාජ්‍ය ආයතන රැසකට සේවා සපයන්නෙමු.

නව විලාසිතාවන් හා තාරුණ්‍ය හදුනාගනිමින් , ඔබගේ සුවිසේශි අවස්ථාවන් ඉතා උසස් ලෙස වර්ණ ගැන්වීමට අප නිබදව සහය වන්නෙමු.තවද අප සතු සුවිශේෂි වූ පලපුරුදත්, පුහුණු හා නිපුන කාර්යමණ්ඩලයත්, ඔබගේ නිමැවුම නිසි වෙලාවවට හා ගුණාත්මක ලෙස නිමකර දීමට කැපවී සිටින්නෙමු.

අපගේ වසර 30කට අධික සේවා කාලය තුල,මේවන විට මසා නිමකර දී ඇති ඇදුම් ගණන ලක්ෂ 50කට අධික වේ. ඒ අතර කොට කමිස, දිග කමිස, කොට කලිසම් , දිග කලිසම්, කෝට්, පාසල් නිල ඇදුම්, හෝටල් නිල ඇදුම්, ආයතනික නිල ඇදුම්, ආරක්ෂක අංශවල නිල ඇදුම්, හමුදා අංශවල නිල ඇදුම්, මංගල අවස්ථා වල නිල ඇදුම්, උතසව අවස්ථා සදහා නිල ඇදුම් ඇතුලත් වේ.

මේවන විට අප ඇදුම් නිර්මාණය හා මැසිමට සිමා නොවී , මංගල හා උත්සව අවස්ථා සදහා ඇදුම් කුලියට ලබාදීම හා නිමි ඇදුම් හා ආයිත්තම් අලවිය දක්වාම දීර්ඝ කර ඇත.

ඇදුම් මැසිමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ හා දීර්ඝ කාලීන පළපුරුද්ද්දක් ඇති හර්ෂ ටේලර්ස් ආයතනය වෙත අදම පැමිණ ඔබගේ ඇනවුම බාරදෙන්න

අපේ ඉතිහාසය හා දැක්ම ගැන තවදුරටත්

කස්තුරිසිංහ ආරච්චිලාගේ හරිස්චන්ද්‍ර මහතාගේ නොපසුබට උත්සාහයේ හා කැපකිරීම් වල ප්‍රතිපලයක් ලෙස , හර්ෂ ටේල්ස් ආයතනය මේවන විට ශ්‍රී ලංකාවේ ඇදුම් මැසීමේ ප්‍රමුඛ හා පළපුරුදු ආයතනය බවට පත්ව ඇත. තවද වසර 30කට අධික අඛණ්ඩ සේවා පලුරුද්ද, ඉහළ පාරිභෝගික සේවය, සුහදශීලිත්වය හා උසස් ප්‍රමිතිය , මෙම උසස් තත්වයට හර්ෂ ටේලර්ස් ආයතනය රැගෙන ආ බව කිව යුතුය.

නව තාක්ෂණික ක්‍රමවේදයන් හා උපකරණ භාවිතා කරමින් නිමැවුම් වල ගුණාත්මක බව දියුණු කර ඇති අතර ඉතා කාර්යක්ෂම, පළපුරුදු හා නිපුන කාර්යමණ්ඩලයක් හර්ෂ ටේල්ස් ආයතනය සතුව ඇත.එබැවින් ඕනෑම උත්සව හෝ මංගල හෝ ව්‍යාපාරික අවස්යතාවක් සදහා ගැලපෙන නිමි ඇදුම් සැපයීමට හර්ෂ ටේල්ස් ආයතනයට හැකියාව ඇත.

නිමි ඇදුම් නිර්මාණය හා මැසිම ජාත්‍යන්තර මට්ටම දක්වාම දියුණු කිරීමත් , ආසියාවේ ප්‍රමුකතම නිමි ඇදුම් මැසිමේ ආයතනය බවට පත්වීම හර්ෂ ටේල්ස් ආයතනයේ දැක්මයි.

ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට ගරු කරමින් , ඒවාට හානි නොවන ලෙස නව විලාසිතා හා මෝස්‌තර, හර්ෂ ටේල්ස් ආයතනය තම ඇදුම් නිමැයුම් සදහා යොදාගනී. මේවන විට පාරිභෝගිකයින් 100,000 අධික සංඛ්‍යාවකට හර්ෂ් ටේල්ස් ආයතනයේ සේවය ලබාගෙන ඇත.තවද ඔබගේ ඕනෑම උත්සව, කාර්යාල,මංගල, ව්‍යාපාරික,පුද්ගලික ඇදුම් නිමැවුම් කලට වෙලාවට හා අලංකාරමත් ලෙස සිදුකරගැනීමට ඉතා සුදුසුම ස්ථානය හර්ෂ ටේලර්ස් ආයතනයයි.

හර්ෂ ටේල්ස් ආයතනයේ වර්තමාන කළමනාකාරිත්වය , කේ.ඒ හරිස්චන්ද්‍ර මහතාගේ එකම පුතනුවන් වන කේ.ඒ චතුෂාන් මධුශංක මහතා සිදුකරනු ලබන අතර , ඔහුගේ නව අදහස් හා දැනුම, හර්ෂ ටේල්ස් ආයතනයේ ඉදිරි පිම්මට මහත් පිටුවහලක් වනු නොවනුමානයි.

ඔබගේ මුදලට වඩා වැඩි වටිනාකමක් ඇති ගුණාත්මක සේවාවක් ලබාගැනීමට අදම හර්ෂ ටේලර්ස් ආයතනය වෙත පියනගන්න!

Please type the characters you see in the picture below. 

Get In Touch
  • 599, Kandy Road, Eldeniya, Kadawatha, Sri Lanka.
  • +94 0112 929 181
  • info@harshatailors.com
© 2019, All rights reserved.